බංග්ලාදේශය ලකුණු 166ක් පසුපසින්

2025 මාර්තු මස 17 පෙ.ව. 07:24 - {{hitsCtrl.values.hits}}  

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර මීර්පූර්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම පළමු දිනයට තරගය නිමා කරන විට කඩුලු 4ට ලකුණු 56ක් රැස්කරගෙන සිටියි.

ලිටන් ඩාස් (24) මෙහෙදි හසන් (5) නොදැවී පන්දුවට පහරදෙමින් සිටිති. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස්කළේ ලකුණු 222ක් පමණි.

කුසල් මෙන්ඩිස් හා ෂොහාන් සිල්වා අර්ධ ශතක රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිම ඉනිම ශක්තිමත් කළහ. බංග්ලාදේශය වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වූ තයිජුල් ඉස්ලාම් හා අබ්දුර් රසාක් කඩුලු 4 බැගින් දවාගත්හ.

පිළතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමේ බිඳ වැටුණු කඩුලු හතරෙන් දෙකක් සුරංග ග්මාල් දවාගත්තේය.

බංග්ලාදේ්‍ය තවත් ලකුණු 166ක් පසුපසින් සිටිනේ කඩුලු හයක් අතැතිවය.

නිරෝෂා ප්‍රියදර්ශනි

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...