බ්‍රසීල පාපන්දු කණ්ඩායමක් රැගත් යානයක් අනතුරකුට

2025 මාර්තු මස 18 පෙ.ව. 02:54 - {{hitsCtrl.values.hits}}  

බ්‍රසීල පාපන්දු කණ්ඩායමක් රැගෙන ගිය ගුවන් යානයක් කොලොම්බියාවේදී අනතුරට ලක්වීමෙන් කිහිපදෙනෙකු මියගොස් 10 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් පුවත් සේවය වාර්තා කරයි. අනතුරට පත්වන අවස්ථාවේදී එහි මගීන් 72ක් ගමන් කරමින් සිටි බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

කොළොම්බියාවේ හෙට (30දා) පැව්ත්වීමට නියමිත කෝපා සුඩාමෙරිකා පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට එක්වීමට සඳහා බ්‍රසීලයේ කාපෙකොන්සේ පාපන්දු කණ්ඩායම ගමන්ගත් ගුවන් යානයක් මෙසේ අනතුරකට ලක්ව තිබේ. ගුවන් යානය බොල්වියාවේ සිට කොලොම්බියාව බලා පියාසර කර ඇත.

කෙසේ වෙතත් මේ පිළිබඳව වාර්තා කරන බී.බී.සී. පුවත්සේවය පවසන්නේ අනතුරෙන් කිසිවෙකු බේරී ඇත්දැයි පැහැදිලිව ප්‍රකාශ කළ නොහැකි බවයි. අනතුරට හේතුවද මෙතෙක් අනාවරණය වී නොමැත.

3626 (1)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...