2025 මාර්තු මස 17 පෙ.ව. 07:22 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකා බැඩ්මන්ටන් සංගමය වෙත ලෝක බැඩ්මින්ටන් සංගමය විසින් පනවා තිබූ තහනම ඉවත් කරන බවට ලෝක බැඩ්මින්ටන් සංගමය විසින් ඊයේ (30දා) දින දන්වා ඇත. සැප්තැම්බර් 23 සිට පැවැති තහනම ඉවත් කරගැනීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ඇතුළු නියෝජිත පිරිසක් ඩුබායි හිදී ලෝක බැඩ්මින්ටන් සංගමයේ නිලධාරීන් සමග පැවැති විශේෂ සාකච්ඡාවේ ප්‍රථිපලයක් ලෙස මෙම තහනම ඉවත් කිරීම සිදුව ඇත.
ක්‍රීඩා නීතියට පටහැනිව සහතික කරන ලද විගණන වාර්තා ලබා නොදී පසුගිය මාර්තු 24 වනදා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නිලවරණය පවත්වා තිබූණි. එය මෙරට ක්‍රීඩා නීතියට පැටහැනිවීම හේතුවෙන් ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසින් බැඩ්මින්ටන් සංගමයේ ලියාපදිංචිය අත්හිටුවා එය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා යටතට පත්කර නිලවරණය පැවැත්වීමට කටයුතු කළේය.
ඩුබායිදී පැවැති සාකච්ඡාවලදි මෙරට ක්‍රීඩා නීතිය පිළිබඳවත් එයට පටහැනිව කිසිදු ක්‍රීඩා සංගමයකට කටයුතු කළ නොහැකි බවත් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අවධාරණය කර තිබිණි.
මෙම තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ලෝක බැඩ්මින්ටන් සංගමය විසින් එවන ලද ලිපියේ, නිලවරණය පැවැත්වෙනතුරු අතුරු කමිටුවක් පත්කිරීමටත් එම කමිටුව සඳහා නිශාන්ත ජයසිංහ, ක්ලැරන්ස් හෝමර්, මංගල ගමගේ, රොහාන් ද සිල්වා සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා නම්කරන නියෝජිතයෙක් පත්කිරීමට කටයුතු කරන ලෙසටද යෝජනා කර ඇත.
ලෝක බැඩ්මින්ටන් සංගමය විසින් පනවා තිබූ තහනම හේතුවෙන් මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තරග අහිමිවීමේ අවධානමක් තිබූ එම අවධානමද මින් ඉදිරියට පහව යනු ඇත.
නිරෝෂා ප්‍රියදර්ශනී
![]() |
diary Read more... |