මාලිංග කැනඩාවේ විස්සයි20 තරගාවලියකට

2025 මාර්තු මස 17 පෙ.ව. 12:11 - {{hitsCtrl.values.hits}}  

කැනඩාවේදී පැවැත්වීමට නියමිත ග්ලෝබල් T20 කැනඩා  ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී  ලංකාවෙන් ලසිත් මාලිංග ඇතුළු ක්‍රීඩකයන් 04ක් ඇතුළත්ව සිටියි.  

ඒ අනුව ලසිත් මාලිංග, තිසර පෙරේරා, දසුන් ශානක සහ ඉසුරු උදාන මෙම තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරට  ඇතුළත්ව තිබේ.

මෙම තරගාවලිය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ  සුපිරි ක්‍රීඩකයන් වන ඕස්ට්‍රේලියානු තරග තහනමකට ලක්ව සිටින  ක්‍රීඩකයන් වන ඩේවිඩ් වෝනර් සහ ස්ටිව් ස්මිත්ද ක්‍රීඩා කිරීමට නියමිත අතර , ක්‍රිස් ග්‍රෙල්, ඩැරන් සමී, ෂහීඩ් අෆ්‍රිඩි යන ක්‍රීඩකයන්ද ඇතුළත්ව සිටියි.

මෙම තරගාවලිය එළඹෙන 28 වැනිදා සිට ජූලි 15 දක්වා කැනඩාවේදී  පැවැත්වෙන අතර මේ සඳහා කණ්ඩායම් 06ක් තරගවැදීමට නියමිතය.

නිරෝෂා ප්‍රියදර්ශනී

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...