මාලිංග සමුගැනීම නිවේදනය කරයි

2025 මාර්තු මස 17 පෙ.ව. 03:21 - 73  

2020 වසරේදී ඔස්ට්‍රේලියාවේදී ආරම්භවීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක ලසිත් මාලිංග සඳහන් කරයි.

දකුණු අප්‍රිකාවේදී මාධ්‍ය අමතමින් ඔහු සඳහන් කරන්නේ එළැඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව එක්දින පිටියෙන්ද සමුගැනීමට ඉඩ ඇති බවයි. එක්දින ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකාවට තවත් එක්දින තරගාවලියක් නොමැති.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම විස්සයි20 කඩුලු ප්‍රමාණයක් ලබාගෙන ඇති ක්‍රීඩකයා වන මාලිංග ජාත්‍යන්තර පිටියේ වැඩිම විස්සයි20 කඩුලු ප්‍රහාණයක් රැස්කළ ක්‍රීඩකයා බවට පත්වීමට අවශ්‍යව ඇත්තේ තවත් එක් කඩුල්ලක් පමණි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...