මාලිගේ අවසන් තරගයේ ප්‍රවේශපත්‍ර අවසන්

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 04:14 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකාව හා බංග්දේශය අතර හෙට (26දා) පැවැත්වෙන පළමු එක්දින තරගයේ සියලු ප්‍රවේශපත් මේ වනවිට අලෙවී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. මෙම තරගාවලියේ පළමු තරගයෙන් පසු ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගන්නා බව ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ලසිත් මාලිංග ප්‍රකාෂ කිරීම මෙම තත්ත්වය උත්ගතවීමට ප්‍රධාන හේතුවක් විය.

කෙසේ නමුත් දෙරට අතර දෙවැනි සහ තෙවැනි එක්දින තරගවල ප්‍රවේශපත්‍රද සීමිත සංඛ්‍යාවක් පමණක් පවතින බව වාර්තා වේ. එක්දින තරග ප.ව. 2.30ට ආරම්භ වන අතර, තරග නැරඹීම සඳහා ඇතුළුවීමේ දොරටු ප.ව. 12.30 සිට විවෘතව ඇති බව ක්‍රිකට් ආයතනය දන්වා සිටියි.

මේ අතර තරගය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන් පසුපස රැගෙන යන ගමන් මළු/උරපොදි ( Backpacks), නලා ( Portable horns and hooters) හා වීදුරු බෝතල් රැගෙන ඒමෙන් වළකින ලෙසද ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...