මැතිව්ස් නැවතත් ලංකාවට පැමිණෙයි

2024 දෙසැම්බර් මස 23 ප.ව. 05:54 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකා කණ්ඩායමේ සීමිත පන්දුවාර නායක ඇන්ජලෝ මැතිව්ස් බටහිර ඉන්දීය කොදෙව් සිට නැවතත් අද රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතය. ඒ ඔහුගේ බිරිඳගේ දෙවැනි දරු උපත හේතුවෙනි.

ආබාධවලින් අනතුරුව නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වූ ඇන්ජලෝ මින් ඉදිරියට කණ්ඩායමට පිතිකරුවෙක් ලෙස පමණක් සිය දායකත්වය ලබාදීමට නියමිතය. කෙසේ වෙතත් පළමු ටෙස්ට් තරගයේදි ඔහුගේ දක්ෂතා එළි නොදැක්විණ.

ඔහු වෙනුවට ධනුෂ්ක ගුණතිලක කණ්ඩායමට නම්කර ඇත. මේ අතර ආබාධයකට ලක්වූ ළහිරු ගමගේද කොදෙව් සිට නැවතත් ලංකාවට පැමිණීමට නියමිත අතර ඔහු වෙනුවට දසුන් ශානක කණ්ඩායමට නම්කර ඇත.

නිරෝෂා ප්‍රියදර්ශනී

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...