මිල්රෝයි ප‍්‍රනාන්දු කුසලාන ඉසිපතනයට

2025 මාර්තු මස 18 පෙ.ව. 05:07 - {{hitsCtrl.values.hits}}  

IN-022ඉසිපතන විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර සී. ආර් ඇන්ඞ් එෆ්. සී. පිටියේදී අද (11) පස්වරුවේ පැවැති තරගයෙන් ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 28-14 කින් ජය ලැබීමට සමත් වූහ. මෙම තරගයේ ජයග‍්‍රාහකයන්ට පිරිනැමෙන මේජර් මිල්රෝයි ප‍්‍රනාන්දු අනුස්මරණ කුසලානය නැවත වරක් තම විදුහලට ගෙන යාමට ඉසිපතන කී‍්‍රඩකයෝ සමත් වූහ.

මෙම තරගය අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතා තරගාවලියේ තෙවැනි සතියේ තරගයකි.

ඉසිපතන සහ රාජකීය යන විදුහල් දෙකේම අධ්‍යාපනය ලැබූ මිල්රෝයි ප‍්‍රනාන්දු 1977 දී ඉසිපතන විද්‍යාලයේ සිට රාජකීය විද්‍යාලයට ඇතුළත් විය. ශිෂ්‍යභටයකු ලෙස රාජකීය විද්‍යාලයේ මහත් කීර්තිනාමයක් හිමිකරගෙන සිටි මිල්රෝයි, පාසල් දිවියෙන් පසුව සිය පියා වූ කර්නල් ඩඞ්ලි ප‍්‍රනාන්දු මහතා (රාජකීය විද්‍යාලයේ හිටපු බොක්සිං කී‍්‍රඩකයෙකි) අඩිපාරේ යමින් හමුදා සේවයට එක්ව ‘මේජර්’ තනතුර දක්වා උසස් විය.

ඕමන්තේදී ඇතිවූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයකදී මියගිය රණවිරුවා අනුස්මරණය කිරීම සඳහා රාජකීය - ඉසිපතන වාර්ෂික රග්බි තරගයේ ජයග‍්‍රාහකයන්ට ‘මේජර් මිල්රෝයි ප‍්‍රනාන්දු අනුස්මරණ කුසලාන’ පිරිනැමේ.

අද පැවැති තරගයේ ආරම්භයේ සිටම ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ අණසක පතුරවමින් පළමු අර්ධය ලකුණු 14-7 ක් ලෙස අවසන් කළහ. ජයග‍්‍රාහි ඉසිපතන විදුහල ගෝල 4 කින් ලකුණු ලැබීය. රාජකීය විදුහලට ගෝල 2 කින් ලකුණු එකතු විය.

මෙවර තරගාවලියේ අපරාජිත වාර්තාව රැකගෙන සිටින ඉසිපතන විදුහල පිට පිටම ලැබූ අටවැනි ජයග‍්‍රහණයද මෙය වේ.(lankadeepa)

INNER(49)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...