මිස්බාගේ අවාසනාව රැඳුණ 99

2025 මාර්තු මස 17 ප.ව. 05:42 - {{hitsCtrl.values.hits}}  

සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අවසන් තරග තුනට ක්‍රීඩා කරමින් සිටින පාකිස්තාන කණ්ඩායමේ ටෙස්ට් නායක මිස්බා උල් හක්ට අවස්ථා දෙකකදීම ශතකයන් පෙනී පෙනී අහිමි විය.

පාකිස්තාන කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මේ දින වල පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී මිස්බා උල් හක් මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන්නේය.

පසුගිය 21 දා සිට 25 දා දක්වා කිංග්ස්ටන්හි සබීනා පාක් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී පාකිස්තාන කණ්ඩායමේ පළමු ඉනිමේදී මිස්බා ලකුණු 99 රැස්කරගෙන සිටියදී අනෙක් අන්තයේ අවසන් ක්‍රීඩකයා වූ මොහොමඩ් අබ්බාස් දැවීයාමෙන් මිස්බාට ශතකය අහිමිවූයේ 1 ලකුණකි. ඒ අනුව මිස්බා ලකුණු 99 නොදැවී රැස්කරගෙන එම ඉනිම අවසන් කළේය.

එසේම පසුගිය 30 දා ආරම්භ වූ තරගයේදී පාකිස්තාන පළමු ඉනිමේදී මිස්බා ලකුණු 99ට දැවී ගියේ ඉතාමත් අවාසනාවන්ත ලෙසිනි. ඒ අනුව අවස්ථා දෙකකදීම එක් ලකුණකින් මිස්බාට ටෙස්ට් ශතක දෙකක් අහිමිවිය.

කෙසේ වෙතත් මෙම තරගයේ දෙවැනි ඉනිම මෙන්ම තවත් එක් ටෙස්ට් තරගයක් මිස්බාට ශතකයක් ලබා ගැනීම සඳහා පවතියි.

misbahreuters-m

නිරෝෂා ප්‍රියදර්ශනී

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...