මෙසී අවසානයේදී ඇෆ්ගන් ප්‍රේක්ෂකයා හමුවෙයි

2025 මාර්තු මස 17 ප.ව. 11:14 - {{hitsCtrl.values.hits}}  

සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනාල් මෙසීගේ ප්‍රේක්ෂකයෙකු වන ඇෆගන් ජාතික 6 හැවැරිදි මුර්ටාසා අහමඩි අවසානයේදී සිය සිහින තරුව හමුවීය. ඒ දෝහා කටාර්හිදීය.

ප්ලාස්ටික් බෑගයකින් සකස්කළ ආර්ජන්ටිනා ජාතික පාපන්දු ජර්සියට සමාන ඇඳුමක් සකස් කරමින් ලියොනාල් මෙසීගේ අංක 10 එම ඇඳුමේ සටහන් කරමින් පාපන්දු ක්‍රීඩාවේ නිරත වූ මෙම දරුවා පිළිබඳ කතාවට විදෙස් මාධ්‍ය  මේ වසරේ මුල් කාලයේදී දැඩි ප්‍රචාරයක් ලබාදුන්නේය.

එය දුටු මෙසී අහමඩි හමුවීමට අවශ්‍ය බව සඳහන් කළ අතර පළමු අවස්ථාව යටතේ බාසිලෝනා කණ්ඩායමේ හා ආජන්ටිනා කණ්ඩායමේ ජර්සියක් අහමඩිට යොමු කිරිමට මෙසී කටයුතු කළේ සිය අත්සනද සහිතවය.

කටාරයේ පාපන්දු කණ්ඩායමක් සමග මිත්‍ර පාපන්දු තරගයකට එක්විමට සඳහා මෙසී ඇතුළු බාසිලෝනා කණ්ඩායම කටාර් වෙත පසුගියදා පැමිණි අවස්ථාවේදී මෙසීට සිය අපූරු ප්‍රේක්ෂකයා හමුවීමටත් අවස්ථාව ලැබුණි. 

නිරෝෂා ප්‍රියදර්ශනී

p04l97h2 o-MESSI-AFGHAN-BOY-SHIRT-BAG-570 14122016111234messi-murtaza-ahmadi-1000x0 14122016111234_88438946_messi_boy-1000x0

 

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...