රංගනගෙන් ශ්‍රී ලංකා වාර්තාවක්

2025 මාර්තු මස 18 පෙ.ව. 01:39 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රි ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්වූ නායකයෙකු විසින් ඔහු මෙහෙයවූ පළමු ටෙස්ට් තරගය  ජයගත් පළමු ශ්‍රී ලංකා නායකයා බවට රංගන හේරත් පත්ව තිබේ. ඒ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඊයේ (02දා) නිමාවූ පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් හා උපනායක දිනේෂ් චන්දිමාල් ආබාධවලට ලක්වීම හේතුවෙන් මෙම තරගාවලියට එක් නොවන අතර ඒ හේතුවෙන් කණ්ඩායමේ නායකත්වයට රංගන හේරත් පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ලැබීය.

පන්දු යවන්නෙකු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත්වෙන්නේ වසර 33කින් පසුවය. ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය එළැඹෙන 06දා හරාරේ පිටියේදී ආරම්භ වීමට නියමිතය.

නිරෝෂා ප්‍රියදර්ශනී

rangana-herath-cropped_1hoyib7g1oryg1vcl85mqxo2j5

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...