රටවල් 11ක ටෙස්ට් ශතක වාර්තා කළ ප්‍රථමයා යුනිස්

2025 මාර්තු මස 17 ප.ව. 09:32 - {{hitsCtrl.values.hits}}  

ලෝකයේ රටවල් 11කදී ටෙස්ට් ශතක වාර්තා කළ එකම ක්‍රිකට් ක්‍රීඩකයා වශයෙන් පාකිස්තානයේ යුනිස් ඛාන් අද (05දා) ඉතිහාසයට එක්විය. ඒ පාකිස්තාන කණ්ඩයාම හා ඔස්ට්‍රෙලියා කණ්ඩායම අතර සිඩ්නි පිටියේ පැවැත්වෙන ටෙස්ට් තරගයේ ඔහු වාර්තා කළ ශතකයත් සමගිනි.

අයි.සී.සී. පූර්ණ සාමාජික රටවල් 10 හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී යුනිස් සිය ශතක වාර්තා කර තිබේ. මීට ඉහතදී ඉන්දියාවේ රාහුල් ඩ්‍රාවිඩ් අයි.සී.සී. පූර්ණ සාමාජික රටවල් 10දී ශතක වාර්තා කර තිබුණි.

සිය 115වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන යුනිස් අද වාර්තා කළේ සිය 34 වැනි ටෙස්ට් ශතකය වෙයි. නමුත් ඔහු වාර්තා කර ඇති ටෙස්ට් අර්ධ ශතක ප්‍රමාණය 32කි.

නිරෝෂා ප්‍රියදර්ශනී

Australia v Pakistan - 3rd Test: Day 3

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...