රුසියාවට වාර්තා ගත ජයක්

2025 මාර්තු මස 17 පෙ.ව. 12:51 - {{hitsCtrl.values.hits}}  

2018 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන්ම සත්කාරක රුසියාව වාර්තා ගත ජයක් ලබා ගැනීම සමත්විය. ඒ සෞදි අරාබිය සමගින් පැවැති තරගයේදි ගෝල 5-0ක ජයක් වාර්තා කරමිනි.

ලෝක කුසලාන තරග ඉතිහාසයේ 1934 න් පසුව සත්කාරක රට තරගාවලිය ආරම්භකරමින් ක්‍රීඩා කරන තරගයේදී වාර්තා කළ විශාලම ජයග්‍රහණය ලෙස මෙය වාර්තා අතරට එක්විය.

එසේම රුසියාව පාපන්දු පිටියේ ජයක් වාර්තා කළේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයෙන් පසුව වීමද විශේෂත්වයකි.

ලුෂ්නිකී ක්‍රීඩාංගණයේ පැවැති තරගය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන් 78011ක් එක්ව සිතිබුණි.

රුසියාව වෙනුවෙන් ගනිස්කි (1), චෙරිෂෙව් (2), ඩයියුබා (1) හා ගොලොවින් (1) යනාදි ලෙස ගෝල වාර්තා කිරීමට සමත්විය.

නිරෝෂා ප්‍රියදර්ශනී

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...