රොනාල්ඩෝට තවත් සම්මානයක්

2025 මාර්තු මස 17 ප.ව. 10:19 - {{hitsCtrl.values.hits}}  

අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් ප්‍රථමවරට හඳුන්වා දුන් ෆිෆා සම්මාන රාත්‍රියේ වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයා ලෙස පෘතුගාල කණ්ඩායම හා රියල් මැඩ්රිඩ් කණ්ඩායම නියෝජනය කරන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සම්මාන ලැබීය.

එසේම පසුගිය දෙසැම්බර් මාසයේදී ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පැවැත්වූ බැලූන් ඩි ඕර් සම්මාන උළේලේදී වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබුවේද රොනාල්ඩෝය.

රොනාල්ඩෝගේ  ප්‍රතිවාදී ක්‍රිඩකයා වන ආජන්ටිනා ජාතික කණ්ඩායම මෙන්ම බාසිලෝනා කණ්ඩායම නියෝජනය කරන ලියොනාල් මෙසී මෙහිදී රොනාල්ඩෝ හමුවේ පරාජයට පත්විය.

මේ වසරේදී පටන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලය බැලූන් ඩි ඕර් සම්මානය වෙනුවට ඉදිරියේදී ෆිෆා පාපන්දු සම්මාන නමින් සම්මාන උළෙල පැවැත්වීමට නියමිතය.

ඊයේ (09දා) රාත්‍රියේදී ස්විට්සර්ලන්තයේ සූරිච්හිදී මෙම සම්මාන උළෙල පැවැත්වීය.  මෙහිදී වසරේ හොඳම කාන්තා පාපන්දු ක්‍රීඩිකාව ලෙස ඇමෙරිකාවේ කාලි ලොයිඩ් සම්මාන ලැබීය.

නිරෝෂා ප්‍රියදර්ශනී

170109185846-cristiano-ronaldo-fifa-awards-trophy-exlarge-169 170109193955-cristiano-ronaldo-fifa-award-exlarge-169 170109194554-ronaldo-family-fifa-awards-exlarge-169 170109195216-carli-lloyd-fifa-awards-exlarge-169

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...