ලංකාවේ විශාලම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හෝමාගමට

2025 මාර්තු මස 16 පෙ.ව. 03:03 - {{hitsCtrl.values.hits}}  

ආසන 60000ක ධාරිතාවයකින් යුක්තව ශ්‍රී ලංකාවේ ඉදිවන විශාලම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හෝමාගම දියගම ප්‍ර දේශයේ ඉදිකිරිමට නියමිතය.

මෙම ඉදිකිරීම සඳහා වන යෝජිත භූමි ප්‍රදේශය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා ඇතුළු පිරිසක්ද එක්වූහ.

 අක්කර 26ක භූමි ප්‍ර දේශයක ඉදිවන මෙම ක්‍රිකට් ක්‍රීඩාංගණය දිවා රාත්‍රී තරග පැවැත්වීමට හැකිවන පරිදි ඉදිකිරීමට නියමිතය.

මෙහි පළමු අදියරේදී ආසාන 40000ක පහසුකම් සහිතව ඉදිකරන අතර දෙවැනි අදියරේදී තවත් ආසන 20000ක් ඉදිකිරීමට නියමිතව තිබේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...