‘ලංකා ප්‍රිමියර් ලීග්’ අගෝස්තු

2025 මාර්තු මස 17 පෙ.ව. 07:42 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විස්සයි-20 තරගාවලිය ලබන අගෝස්තුවේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ‘ලංකා ප්‍රිමියර් ලීග්’ යනුවෙන් හැඳින්වෙන මෙම තරගාවලියට විදේශීය ක්‍රීඩකයෝද සහභාගි වෙති. කණ්ඩායම් 6 ක් සහභාගි වන මෙම තරගාවලිය අගෝස්තු මස 18 වැනිදා සිට සැප්තැම්බර් මස 10 වැනිදා දක්වා පැවැත්වේ.

සෑම කණ්ඩායමක්ම මූලික වටයේදී තරග 10 කට ක්‍රීඩා කළ යුතුවන අතර මෙම කාලය තුළදී ශ්‍රී ලංකා කණ්ඩායම අන්තර්ජාතික තරග වලින් නිදහස්ව සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.

2018 වසරේ සිට වසර පහක කාලයක් සඳහා අගෝස්තු මස තුන්වැනි සතියේ සිට සැප්තැම්බර් මස තුන්වැනි සතිය දක්වා සති හතරක කාලයක් ඇතුළතදී මෙම තරගාවලිය පැවැත්වීමට කාලය වෙන්කරගෙන ඇත. ඒ සඳහා ආසියානු කලාපයේ රටවල්ද කිහිපයක්ද එකඟ වී ඇති බවත් දැනගන්නට තිබේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...