ලුම්බිණි විද්‍යාලයට කඩලු 7 ක ජයක්

2025 අප්‍රේල් මස 20 ප.ව. 07:33 - {{hitsCtrl.values.hits}}  

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී මරදාන සහිරා විද්‍යාලයට එරෙහිව කඩුලු 7 ක ජයක් ලබාගැනීමට කොළඹ ලුම්බිණි විද්‍යාලය අද (17 වැනිදා) සමත්විය. මෙම තරගය කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.ලකුණු 43 ක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ ලුම්බිණි විද්‍යාලයේ විමුක්ති කුලතුංග පන්දුවෙන්ද දස්කම් දක්වමින් ලකුණු 56 කට කඩුලු 9 ක් දවාගත්තේය.

සහිරා විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 31.2 කදී සියලුදෙනා දැවී ලකුණු 67
(යසිත් නිර්මල 21, අමිත් දාබරේ 13/4, විමුක්ති කුලතුංග 16/3, ශශිත් රවිඳු 12/2)

ලුම්බිණි විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 45.1 කදී සියලුදෙනා දැවී ලකුණු 128
(කවීන් තෙමිත 56, විමුක්ති කුලතුංග 43, මොහොමඞ් දිල්හාන් 22/4, රිත්මික නිමේෂ් 21/2)

සහිරා විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 45.1 කදී සියලුදෙනා දැවී ලකුණු 128
(මොහොමඞ් ශනාස් 47, චතුර දිල්රුක්ෂාන් 21, විමුක්ති කුලතුංග 40/6)

ලුම්බිණි විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 19 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 68
(රවීශ තත්සර නොදැවී 29, ඉම්දියාස් ස්ලාසා 13/2)

(ලංකාදීප ඇසුරිනි)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...