වසර 25ක ඉතිහාසය වෙනස් වෙයිද?

2025 මාර්තු මස 18 පෙ.ව. 05:12 - {{hitsCtrl.values.hits}}  

189435සංචාරක ශ්‍රී ලංකා කණඩායම හා සත්කාරක එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තෙවැනි හා අවසන් ටෙස්ට් තරගය අද (09දා) ඓතිහාසික ලෝඩ්ස් පිටියේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ලෝඩ්ස් පිටියේදි ටෙස්ට් තරග හතක් පවත්වා ඇති අතර එයින් තරග 2ක් එංගලන්තය ජයගෙන තිබෙන අතර සෙසු තරග ජයපරායෙන් තොරව අවසන්ව ඇත. අවසන් වරට 1991 වසරේ ලෝඩ්ස් පිටියේ පැවැති තරගය එංගලන්තය ජයගෙන තිබේ. ඉන් අනතුරුව දෙරට අතර ලෝඩ්ස් පිටියේදී තරග හතරක් පවත්වා ඇති අතර එම තරග සියල්ලම ජය පරාජයෙන් තොරව අවසන්ව ඇත. දෙරට අතර පැවත්වෙන ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස මේ වන විටත් එංගලන්තය ජයගෙන ඇතත් අද ආරම්භවන තරගය ජයපරාජයෙන් තොරව හෝ අවසන් කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවෙනු ඇතැයි ක්‍රීඩා ළෝලීන්ගේ අදහසයි. එසේම තරගය එසේ නිමකර ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට්හි අනාගතයටද  සුබ ලකුණක් වෙනු ඇත. එංගලන්තය මෙම තරගයට පිවිසෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පූර්ණ ජයක් (3-0, White Wash) අපේක්ෂාවෙනි. ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පවත්වා ඇති ටෙස්ට් තරගාවලියන්හිදී එංගලන්තය සියලුම තරග ජයගෙන නොමැත.

1982 හා 1991 වසරේදී දෙරට අතර එක් තරගය බැගින් වූ ටෙස්ට් තරග පවත්වා තිබුණත් ඒවා ටෙස්ට් තරගාවලි ලෙස සැලකිල්ලට නොගනියි. 

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...