ශ්‍රී ලංකාවට ලකුණු 163ක පරාජයක්

2024 දෙසැම්බර් මස 24 පෙ.ව. 04:55 - {{hitsCtrl.values.hits}}  

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ අඛණ්ඩ දෙවැනි පරාජයත් ලැබීය. ඒ සත්කාරක බංග්ලාදේශය හමුවේ ලකුණු 163කින් පරාජයට පත්වෙමිනි.ක

ලකුණු 321ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවි රැස්කර ගත හැකිවූයේ ලකුණු 157ක් පමණි. බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරගයකදී වැඩිම ලකුණු පරතරයක් සහිතව ලබාගත් ජයග්‍රහණය ලෙසද මෙය ඉතිහාසයට එක්විය.

එසේම චන්දික හතුරුසිංහ මහතා බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු තනතුරින් ඉවත්ව ශ්‍රි ලංකා පුහුණුකරු තනතුර භාර ගැනිමෙන් පසුව බංග්ලාදේශයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයද මෙය විය.

ශ්‍රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු සංඛ්‍යාව තිසර පෙරේරා වාර්තා කළේය. ඒ ලකුණු 29කි. තමීම් ඉක්බාල්, මුෂ්ෆිකාර් රහීම් හා ශකිබ් අල් හසන් බංග්ලාදේශය වෙනුවෙන් අර්ධ ශතක රැස්කිරීමට සමත්වූහ.

නිරෝෂා ප්‍රියදර්ශනී

[caption id="attachment_18534" align="alignleft" width="1400"]Bangladesh's Shakib Al Hasan, right, and teammate Tamim Iqbal run between the wickets during the Tri-Nation one-day international cricket series against Sri Lanka in Dhaka, Bangladesh, Friday, Jan. 19, 2018. (AP Photo/A.M. Ahad)[/caption]

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...