ශ්‍රී ලංකාවට 250 ඉලක්කයක්

2025 මාර්තු මස 17 පෙ.ව. 06:40 - {{hitsCtrl.values.hits}}  

අයි.සී.සී. කාන්තා ක්‍රිකට් ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා පිල සහ සංචාරක පාකිස්තාන කාන්තා පිල අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (20) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ජවේරියා ඛාන්ගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් මෙහෙයවනු ලබන කාන්තා ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර රංගිරි දඔුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (20 වැනිදා) පැවැත්වෙන පළමු එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථානය ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 250 රැස් කළේය. සිය දෙවැනි එක්දින ශතකය පන්දු 135 කදී රැස්කළ ජවේරියා ඛාන් පාකිස්තාන් ඉනිම අවසන්වන තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් නොදැවී ලකුණු 113 ක් රැස් කළාය. පන්දු 142 කට මුහුණදුන් ජවේරියා ඛාන්ගේ ඉනිමට හතරේ පහර 15 ක් ඇතුළත් විය.

තරග 3කින් සමන්විත වන එක්දින තරගාවලියේ තරග තුනම අද (20), 22 සහ 24 යන දිනයන්හිදී රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගණයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා කාන්තා පිල චමරි අතපත්තු විසින් මෙහෙයවනු ලබන අතර, බිෂ්මා මාරූෆ් පාකිස්තාන කාන්තා පිල මෙහෙයවනු ලබයි. මීට අමතරව දෙපිල අතර වන තරග 3කින් සමන්විත පන්දුවාර 20-20 තරගාවලිය කොළඹ එස්.එස්.සී. සහ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

 

තරග සටහන                                                                                                

මාර්තු 20 - පළමු එක්දින තරගය - රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය                            
මාර්තු 22 - දෙවැනි එක්දින තරගය - රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය                            
මාර්තු 24 - තෙවැනි එක්දින තරගය - රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය  
මාර්තු 28 - පළමු පන්දුවාර 20-20 තරගය - කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණය       
මාර්තු 30 - දෙවැනි පන්දුවාර 20-20 තරගය - කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණය                  
මාර්තු 31 - තෙවැනි පන්දුවාර 20-20 තරගය - කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණය

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...