ශ්‍රී ලංකාවට ලකුණු 219 ක ජයක්

2025 මාර්තු මස 16 ප.ව. 10:50 - {{hitsCtrl.values.hits}}  

එංගලන්තයට එරෙහිව කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (23 වැනිදා) පැවැති  පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී ලකුණු 219 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිල සමත්විය. මෙම තරගයටත් වර්ෂාවෙන් බාධා පැමිණි අතර ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා පිලට හිමිවිය. කෙසේ වෙතත් තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ ජය 3-1 ක් ලෙසින් එංගලන්තයට හිමිවිය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 ක් අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 366 ක් ලබාගත්තේය. එකම පිතිකරුවකු හෝ ශතකයක් ලබා නොගත් කණ්ඩායමක් විසින් එක්දින තරගයකදී ලබාගත් තුන්වැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේද මෙයයි. ඡායාරූපය- චතුර එස් කොඩිකාර

ලකුණු 367 ක ඉලක්කයක් කරා යමින් සිටි එංගලන්ත පිලේ කඩුලු 9 ක් ලකුණු 132 කට ඇද වැටුණු අතර ඒ වන විට සම්පූර්ණ කර තිබුණේ ඕවර 26.1 ක් පමණි. ඩක්වර්ත් - ලුවිස් ඉලක්කය අනුව තරගය සමකිරීමට නම් එංගලන්තය ඒ වන විට ලකුණු 351 ක් ලබා සිටිය යුතුව තිබිණ

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...