2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 10:32 - {{hitsCtrl.values.hits}}
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර ක්‍රයිස්චර්ච් හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම කඩුලු 4ට ලකුණු 585ක් රැස්කරමින් සිය ඉනිම අත්අහිටුවීමට තීරණය කළේය.
ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 660ක දැවැන්ත ඉලක්කයක් හිමිව තිබේ.
නවසීලන්ත දෙවැනි ඉනිම ඉනිම වෙනුවෙන් ටොම් ලේතම් (176), මාක් නිකොලොස් (162*) ශතක රැස්කරමින් හා ජේ. ඒ. රාවල් (74), කොලින් ඩි ග්රැන්ඩ්රෝම් (71*) අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දක්ෂතා දැක්වීය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ළහිරු කුමාර කඩුලු 2ක් දවා ගැනීමට සමත්විය.
ලකුණු 660ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම තෙවැනි දිනයට තරගය නිමා කරන විට පන්දුවාර 14ක් අවසානයේදී ලකුණු 24ක් රැස්කරගෙන සිටියි. චන්දිමාල් ලකුණු 14ක් හා කුසල් ලකුණු 6ක් රැස්කරමින් නොදැවී පිටියේ රැදී සිටිති
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |