ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක්

2025 මාර්තු මස 18 පෙ.ව. 12:39 - {{hitsCtrl.values.hits}}  

රන් පදක්කම් දෙකක්, රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක් සමගින් මෙවර කැරම් ලෝක ශූරතාව සාර්ථකව නිමාකිරීමට ශ්‍රී ලංකා (හත්වැනි) කැරම් කණ්ඩායම සමත් විය.

තරගාවලියේදී ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක් හිමිකර දීමට ස්විස් ලීග් ඉසව්ව නියෝජනය කළ චමිල් කුරේ සමත් වූ අතර එහි ලෝකඩ පදක්කම නිශාන්ත ප්‍රනාන්දු විසින් දිනාගන්නා ලදී.

ශ්‍රීලංකාව මීට පෙර තරගාවලියේ ප්‍රධාන තරග ඉසව්ව වූ කණ්ඩායම් ඉසව්වේ පිරිමි කණ්ඩායම් ශූරතාව හිමි කරගත් අතර කාන්තා කණ්ඩායම විසින් එහි කණ්ඩායම් ඉසව්වේ අනුශූරතාව (රිදී පදක්කම) හිමිකර ගන්නා ලදී.

මේ අතර තරගාවලියේ දී ශ්‍රී ලංකාව පිරිමි හා කාන්තා යුගළ ඉසව්වන්හිදී ලෝකඩ පදක්කම් හිමිකර ගත්තේය.කෙසේ වෙතත් තරගාවලියේදී බොහෝදෙනා අවධානයෙන් සිටි නිශාන්ත ප්‍රනාන්දුගේ ලෝක ශූරතාව මෙවර ඔහුට අහිමිවීම ශ්‍රී ලංකාවට අවාසියක් වූ සිදුවීමක් වූ අතර ඒකල තරග ඉසව්වන් හිදී සැලකිය යුතු දක්ෂතා දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අපොහොසත් වූහ.

නිශාන්ත ප්‍රනාන්දු එහිදී 05 වැනි ස්ථානය හිමි කරගත් අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු එම ඉසව්වේ හිමි කරගත් ඉහළම ස්ථානය එය විය. ඔහුට අමතරව චමිල් කුරේ මෙහි 07 වැනි ස්ථානය හිමිකර ගත් අතර මොහොමඩ් හිල්මි (08) හා මොහොමඩ් ෂෙරිෆ්ඩීන් (11) ඔහුට පසුපස ස්ථාන හිමිකර ගත්හ.

කාන්තා ඒකල අංශයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් උපරිම දක්ෂතා දැක්වීමට එහි 4 වැනි ස්ථානය හිමි කරගත් චලනි ලක්මාලි සමත් වූ අතර ජෝශප් රොෂිටා (5), යසිකා රාහුබද්ධ (05) හා අරෝෂා වික්‍රමසිංහ (08) ශ්‍රී ලංකාව වෙනුවෙන් එහි ඉතිරි ස්ථාන හිමිකර ගත්හ.

එක්සත් රාජධානියේ බර්මින්හැම් හිදී පසුගියදා (07) ආරම්භ වූ තරගාවලිය පසුගියදා (11දා) අවසන් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම අද (14දා) දිවයිනට පැමිණීමට නියමිතය.

IMG-20161111-WA0002

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...