ශ්‍රී ලංකාවේ සීමිත පන්දුවාර නායකයා ගැන තීරණය 9 දා

2025 මාර්තු මස 17 පෙ.ව. 05:41 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකා කණ්ඩායමේ නව සීමිත පන්දුවාර නායකයා ජනවාරි 09 දා ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ඊයේ (03දා) ක්‍රිකට් ආයතනයේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

දිගුකාලීනව එක්දින නායකයෙක් පත්කිරීමට මෙහිදී අවධානය යොමුකර ඇති බව වාර්තා වෙයි.

හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් හා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්ගේ නම් මේ සඳහා සළකා බැලීමට කටයුතු කරන බව තේරිම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි මහතා ප්‍රකාශ කර ඇත.

ඇන්ජලෝ මැතිව්ස් අඛණ්ඩව ආබාධ සඳහා ගොදුරුවීම ගැනද ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇත.

සභාපති තිලිංග සුමතිපාල ඇතුළු නිලධාරීන්, තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි, ක්‍රිකට් කළමණාකරු අසංක ගුරුසිංහ, ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවකට එක්ව තිබේ.

නිරෝෂා ප්‍රියදර්ශනී

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...