ශ්‍රී ලංකාවේ තිදෙනෙක් තීරණ දුන් තරගයක්

2025 මාර්තු මස 18 පෙ.ව. 11:09 - 75  

නවසීලන්ත කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර නවසීලන්තයේ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඊයේ (30දා) නවසීලන්තයේදී පැවැතියේය. මෙම තරගයේදී ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් විනිසුරන් හා තරග තීරකයන් ලෙස එක්වීය.

ඒ අනුව පිටියේ විනිසුරුවරයෙකු ලෙස ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් තරග ක්‍රීඩා කළ මෙන්ම වත්මන් අයි.සී.සී. විනිසුරුවරයෙකු වෙන රුචිර පල්ලියගුරුගේ මහතා කටයුතු කළ අතර ශ්‍රී ලංකාවේ තවත් හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩකයෙකු මෙන්ම වත්මන් අයි.සී.සී. විනිසුරුවරයෙකු වන කුමාර් ධර්මසේන මහතා තෙවැනි විනිසුරු ලෙස කටයුතු කරනු ලැබීය.

මෙම තරගයේ තරග තීරක ලෙස කටයුතු කළේ අයි.සී.සී. තරග තීරකයෙකු මෙන්ම ශ්‍රී ලංකාවේ හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන රන්ජන් මඩුගල්ලේ මහතායි.

නිරෝෂා ප්‍රියදර්ශනී

Untitled-1 copy(118)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...