ශ්‍රී ලංකාව 2019 ජුනි 01 දා ලෝක කුසලාන තරගාවලිය අරඹයි

2025 මාර්තු මස 17 පෙ.ව. 12:14 - {{hitsCtrl.values.hits}}  

2019 වසරේදි එංගලන්තයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියේ කාල සටහන ඊයේ (26දා) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරනු ලැබීය.

තරගාවලිය මැයි 30 දා ආරම්භවීමට නියමිත අතර අවසන් තරගය ජුලි 14 දා පැවැත්විමට නියමිතය. ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ජුනි 1 දා පැවැත්වීමට නියමිතය.

තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 9කට ක්‍රීඩා කිරිමට නියමිත අතර එම සියලු තරග දිවා තරග ලෙසින් පැවැත්වෙයි.

ශ්‍රී ලංකාවේ තරග පැවැත්වෙන ක්‍රීඩා පිටි හා කණ්ඩායම්

ජූනි 01 නවසීලන්තය හා ශ්‍රී ලංකාව

ජුනි 04 ඇෆ්ගනිස්තානය හා ශ්‍රී ලංකාව

ජුනි 07 පාකිස්තානය හා ශ්‍රී ලංකාව 

ජුනි 11 බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව

ජුනි 15 ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව

ජුනි 21 එංගලන්තය හා ශ්‍රී ලංකාව

ජුනි 28 ශ්‍රි ලංකාව හා දකුණු අප්‍රිකාව

ජුලි 01 ශ්‍රි ලංකාව හා කොදෙව්

ජුලි 06 ඉන්දියාව හා ශ්‍රී ලංකාව

ජුලි 14 අවසන් තරගය

නිරෝෂා ප්‍රියදර්ශනී


 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...