2025 මාර්තු මස 18 පෙ.ව. 03:08 - 79
පාකිස්තානයට එරෙහිව ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් (දිවා-රාත්‍රී) ලකුණු 68 ක ජයක් අත්කරගැනීමත් සමග ටෙස්ට් ශ්‍රේණිගත කිරීමහි 6 වැනි ස්ථානය දක්වා ඉහළ නැඟීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙවර ක්‍රිකට් සමය ආරම්භයේ (2017 මැයි මාසයේ) සිටම ලකුණු 91 ක් ලබා ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි 7 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව, පාකිස්තානයට එරෙහිව පැවැති තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට සමත් වීමත් සමග ප්‍රසාද ලකුණු 3 ක් ලබාගනිමින් (94) එහි 6 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.තරගාවලිය ආරම්භ වීමට පෙර ලකුණු 93 ක් ලබා 6 වැනි ස්ථානයේ රැදී සිටි පාකිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ ලද පරාජයෙන් පසුව ලකුණු 5 ක් අහිමිකරගනිමින් (88) ශ්‍රේණිගත කිරීම්හි 7 වැනි ස්ථානය දක්වා පසුබැස තිබේ.
ලකුණු 125 ක් ලබා සිටින ඉන්දියාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අතරේ පෙරමුණේ සිටී.
ස්ථානය කණ්ඩායම ලකුණු
1 ඉන්දියාව 125
2 දකුණු අප්‍රිකාව 111
3 එංගලන්තය 105
4 නවසීලන්තය 97
5 ඕස්ටේ්‍රලියාව 97
6 ශ්‍රී ලංකාව 94
7 පාකිස්තානය 88
8 බ. ඉ. කොදෙව් 75
9 බංග්ලාදේශය 72
10 සිම්බාබ්වේ 0
(ලංකාදීප ඇසුරිනි)
![]() |
diary Read more... |