ෂෙහාන් මධුශංකට සියලු ආකාරයේ ක්‍රිකට් තහනම්

2025 මාර්තු මස 16 පෙ.ව. 02:55 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ වේග පන්දු යවන්නෙකු වන ෂෙහාන් මධුශංකට සියලුම ආකාරයේ ක්‍රිකට් තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

ඒ ඔහු හෙරොයින් සන්තකයේ තබා ගැනීමේ චෝදනා යටතේ අත්අඩංගුවට පත්වීම හේතුවෙනි.

ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 03 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ෂොහාන් සිය මංගල එක්දින තරගයට බංග්ලාදේශයට එරෙහිව පසුගිය වසරේ තරග කළ අතර එහිදී ඔහු කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට සමත්විය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...