සංගක්කාරට විස්තර විචාරයට අවස්ථාවක්

2025 මාර්තු මස 17 ප.ව. 08:10 - {{hitsCtrl.values.hits}}  

එංලන්තයේදී ජුනි මාසයේදී ආරම්භවීමට නියමිත ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර සම්බන්ධ කර ගැනීමට ජත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ.

ඒ අනුව තරගාවලියේ රූපවාහිනී විස්තර විචාරය සඳහා කුමාර් සංගක්කාර එක්වෙනු ඇත. ඔහුට අමතරව රිකී පොන්ටින්, බ්‍රෙන්ඩන් මැකලම්, ග්‍රෑම් ස්මිත් යන හිටපු නායකයන්ද මේ සඳහා තෝරා ගැනීමට අයි.සී.සී.ය කටයුතු කර තිබේ.

සවුරව් ගංගුලි, ෂේන් වෝන්, මයිකල් ස්ලේටර්, නසාර් හුසේන්, මයිකල් ඇතර්ටන්, ශෝන් පොලොක්, සංජේ මංජේකාර්, ඉයන් බිෂොප්, රමේෂ් රාජා, සයිමන් ඩොවුල් හා අතර් අලී ඛාන්ද විස්තර විචාරකයන් ලෙස තරගාවලියට එක්ව තිබේ.

නිරෝෂා ප්‍රියදර්ශනී

289E30D600000578-3079709-image-a-25_1431519577979

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...