සංගාගෙන් තවත් වාර්තාවක්

2025 මාර්තු මස 17 ප.ව. 07:16 - {{hitsCtrl.values.hits}}  

එංගලන්ත පළමු පෙළ සිවුදින තරගාවලිය යටතේ මෙවර තරග කාර්තුවේදී ලකුණු 1000 සීමාව පසුකළ පළමු පිතිකරු බවට පත්වීමට කුමාර් සංගක්කාර පෙරේදා (27) සමත්විය.

ඒ සරේ කණ්ඩායම හා යෝක්ෂයර් කණ්ඩායම අතර පැවැති තරගයෙදී සරේ කණ්ඩායම වෙනුවෙන් නොදැවී ලකුණු 180ක් රැස්කරගනිමිනි.

සංගාර තරග 7කදී ඉනිම 11ක් තුළ රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1086කි. ඔහුගේ ඉනිමක සාමානය 108.60ක් ලෙස දැක්වෙන අතර ශතක හයක් හා අර්ධ ශතක 2ක් එයට ඇතුළත්ය. ඉහළම ලකුණු සංඛ්‍යාව 200කි. හතරේ පහර 12ක් හා හයේ පහර 9ක් සංගා ඉනිම 11 තුළදී වාර්තා කර තිබේ.

යෝක්ෂයර් කණ්ඩායම හා සරේ කණ්ඩායම අතර පැවැත්වෙන මෙම තරගය දිවා රාත්‍රී තරගයක් ලෙසින් ලීඩ්ස්හි පැවැත්වෙන තරගය පසුගිය 26 දා ආරම්භවිය. එහිදී මුලින්ම පන්දුවට පහරදුන් සරේ කණ්ඩායම කඩුලු 7ට ලකුණු 516ක් රැස්කරමින් ඉනිම අත්හිටුවීය.

නිරෝෂා ප්‍රියදර්ශනී

Sanga-Raises-Bat

 

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...