ස්වීඩනය අර්ධ අවසන් පූර්ව තරගයට

2025 මාර්තු මස 17 ප.ව. 12:02 - 99  

පාපන්දු ‌ලෝකු කුසලාන තරගාවලියේ ඊයේ (03දා) සන්ධ්‍යාවේ සමාරාහිදී පැවැති ස්විට්සර්ලන්තය හා ස්වීඩනය අතර තරගයෙන් ගෝල 1-0ක ජයක් ලැබීමට ස්වීඩනය සමත් විය. 

තරගයේ වාර්තා වූ එකම ගෝලය 66 වැනි මිනිත්තුවේදී ස්වීඩනයේ එමිල් ෆොර්ස්බර්ගි විසින් වාර්තා කරනු ලැබීය. කෙසේ නමුත් මෙම ගෝලය වාර්තා කිරීමේදී ෆොර්ස්බර්ග් විසින් එල්ල කරන ලද පහර ස්විට්සර්ලන්ත ක්‍රීඩකයෙකුගේ පාදයේ වැදී (own goal) පන්දුව දැල වෙත ඇදී ගියද, එය ලබාගත් ගෝලයක් ලෙස බාර ගත්හ.

මෙම තරගයේදී ස්විට්සර්ලන්තය අවස්ථා 18කදී දැල තුළට පහර එල්ල කිරීමට උත්සාහ කළේය. මෙය ලෝක කුසලාන තරගයකදී ස්විට්සර්ලන්තය ගෝලයක් වාර්තා නොකර වැඩිම වාර ගණනක් උත්සාහ කිරීම සමකිරීමක් විය. මීට පෙර 2010 වසරේදී පැවැති ලෝක කුසලාන තරගයේදී හොන්ඩුරාස් කණ්ඩායමට එරෙහිවද අවස්ථා 18කදී උත්සාහ කර තිබුණද, කිසිදු ගෝලයක් වාර්තා කිරීමට හැකිව නොමැත.

නිරෝෂා ප්‍රියදර්ශනී

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...