සිව්වැනි එක්දින තරගයත් ශ්‍රී ලංකාව පරදියි

2025 මාර්තු මස 17 ප.ව. 05:42 - {{hitsCtrl.values.hits}}  

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැති සිවුවැනි එක්දින තරගයද ලකුණු 40කින් ජයග්‍රහණය කිරීමට සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය. නිව්ලෑන්ඩ්ස් පිටියේ ශ්‍රී ලංකා වේලාවෙන් අද (08දා) අලුයම අවසන් වූ තරගයේදී ලකුණු 367ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 327ට දැවී ගියේය.

දකුණු අප්‍රිකාවෙන් එල්ල වූ දැවැන්ත අභියෝගයට සාර්ථක ආරම්භයක් ලබාදුන් නිරෝෂන් දික්වැල්ල හා නායක උපුල් තරංග පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 16.1කදී ලකුණු 139ක් රැස්කරමින් තරගය ශ්‍රී ලංකාවට දෙසට ගෙන ආවේය. ඉන් අනතුරුව දික්වැල්ල දැවී ගිය අතර පසුව කුසල් මෙන්ඩිස් හා එක්වූ තරංග ලකුණු 64ක සබඳතාවක් ගොඩනැංවිය.

එහිදී තරංග සිය එක්දින දිවියේ 14 වැනි එක්දින ශතකය වාර්තා කළ අතර එය 2013 වසරෙන් පසුව ඔහු රැස්කළ පළමු ශතකයද වෙයි. කුසල් මුළු ලකුණු 203දී දැවී ගිය අතර තරංගගේ ඉනිම 216දී නිමාවිය. තරංග පන්දු 90කදී ලකුණු 119ක් රැස්කළේය.ඔහුගේ ඉනිමට හයේ පහර හතක් ඇතුළත් වූ අතර ඔහුගේ එක්දින දිවියේ එක් තරගයකදී වාර්තා කළ වැඩිම හයේ පහර සංඛ්‍යාවද එය විය. එසේම තරංග පන්දු 73කදී සිය ශතකය සම්පූර්ණ කළේය.

තරංගගේ දැවී යාමෙන් පසුව ධනංජයද සිල්වාගේ ඉනිමද අවසන් වූ අතර නැවතත් තරගය ශ්‍රී ලංකාව දෙසට ගෙන ඒමට නවක ක්‍රීඩකයන් වන අසේල ගුණරත්න හා සඳුන් වීරක්කොඩි සමත්වූයේය. ඔවුන් දෙදෙනා පස්වැනි කඩුල්ලට ලකුණු 79ක සබඳතාවක් ගොඩනගමින් තරගය නැවතත් ශ්‍රී ලංකාව දෙසට ගෙන ආවේය. කෙසේ වෙතත් ලකුණු 307දී පස්වැනි කඩුල්ල ලෙස අසේල දැවී යාමත් සමග ශ්‍රී ලංකා ඉනිම කඩා වැටුනු අතර ඉනිමට තවත් ලකුණු 20ක් එක්වෙන විට ශ්‍රී ලංකාවේ කඩුලු 5ක් දැවී ගියේය. දකුණු අප්‍රිකාව වෙනුවෙන් ලකුණු 185ක් රැස්කළ ඩු ප්ලෙසි තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

නිරෝෂා ප්‍රියදර්ශනි

258839

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...