සිව්වැනි තරගයේ නායකත්වය මාලිංගට

2025 මාර්තු මස 17 ප.ව. 04:23 - {{hitsCtrl.values.hits}}  

Lasith-Malinga-4-405x271ඉන්දියාවට එරෙහිව අගෝස්තු 31 දා ප්‍රේමදාස පිටියේදී ආරම්භවීමට නියමිත සිව්වැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ලසිත් මාලිංගට පැවැරී තිබේ.

තරග පහකින් යුත් එක්දින තරගාවලියේ අවසන් තරග දෙකෙන් කොන්දේ ආබාධයක් හේතුවෙන් කපුගෙදර ඉවවත්වීම හේතුවෙන් මාලිංග කණඩායම මෙහෙයවීම සඳහා නම් කර තිබේ.

මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු විස්සයි20 නායකයා වෙයි. බංග්ලාදේශයෙදී 2014 වසරේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීය. ඊට පසුව 2016 වසරේ විස්සයි20 ලෝක කුසලානයට පෙරාතුව ඔහු නායකත්වයෙන් ඉල්ලා අස්විය. සිය 203 වැනි එක්දින තරගයට ක්‍රීඩා කරන මාලිංග ප්‍රථම වතාවට එක්දින තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමට නියමිතය. එසේම එක්දින කඩුලු 300 සඳහා තවත් එක් කඩුල්ලක් පසුපසින් ඔහු සිටියි.

ශ්‍රී ලංකා එක්දින නායක උපුල් තරංගට තරග තහනමක් පැනවීම හේතුවෙන් තෙවැනි හා සිවුවැනි තරග මෙහෙයවීම සඳහා තාවකාලික නායකයා ලෙස චාමර කපුගෙදර නම් කළේය.

මේ තරගාවලිය පුරාවටම කොන්දේ ආබාධයකින් ක්‍රීඩා කළ කපුගෙදරගේ එම ආබාධය තෙවැනි එක්දින තරගයෙන් පසුව වර්ධනය වී තිබේ.

මීට අමතරව උරහිසේ ආබාධයක් හේතුවෙන් ධනුෂ්ක ගුණතිලකත්, දකුණු අතේ මාපටගිල්ල බිඳීමකට ලක්වීම හේතුවෙන් දිනේෂ් චන්දිමාලුත් ඉන්දීය එක්දින තරගාවලියෙන් දැනටමත් ඉවත්ව තිබේ.

කපුගෙදර හා ගුණතිලක වෙනුවට ධනංජය සිල්වා හා ඩිල්ෂාන් මුණවීර කණ්ඩායමට ගෙනඒමට ශ්‍රී ලංකාව කටයුතු කර තිබේ.

නිරෝෂා ප්‍රියදර්ශනී

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...