සුගතදාස ක්‍රීඩාංගණයෙ විවෘත කිරීම් රැසක්

2025 මාර්තු මස 17 පෙ.ව. 06:14 - {{hitsCtrl.values.hits}}  

සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයේ අභිනවයෙන් ඉදිකළ මීටර් 400 හා මීටර් 200 කෘත්‍රිම ධාවන පථ, පාපන්දු/රග්බි ක්‍රීඩාංගණය විවෘත කිරීම සහ සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ කාර්ය මණ්ඩලය සඳහා ඉදිකළ පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම ඊයේ (09දා) ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

මෙය ඉදිකිරීමට වැය වූ සමස්ත මුදල රුපියල් මිලියන 244.85ක් වන අතර ඇක්සස් පුද්ගලික සමාගම හා කොනිකා ජේවී යන සමාගම් මගින් මෙහි ධාවන තීරු සකස් කර තිබේ.

කෘත්‍රිම ධාවන පථය සඳහා පළමු පෙලේ ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ (IAAF) සහතිකය ලබාගෙන ඇති අතර ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය විසින් කෘත්‍රිම ධාවන පථයන්හි මංතීරු සකස් කිරීමේදී එහි අධීක්ෂණ කටයුතු සිදුකර තිබේ.

සුගතදාස කෘත්‍රිම ධාවන පථය අලුතින් නිම කිරීමෙන් පසුව දකුණු ආසියානු කනිෂ්ඨ ක්‍රීඩා තරගාවලිය මෙහි පළමු තරගාවලිය ලෙස ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.

නිරෝෂා ප්‍රියදර්ශනී

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...