සුදේෂ් පීරිස්ට ඔලිම්පික් වරම්

2025 මාර්තු මස 18 පෙ.ව. 04:22 - {{hitsCtrl.values.hits}}  

අගෝස්තු  මස පැවැත්වෙන 'රියෝ ඔලිම්පික්' ක්‍රීඩා උලෙළ සඳහා ජාතික බර ඉසිලීමේ ශූර පොදුරාජ්‍ය මණ්ඩලයීය රිදී පදක්කම්ලාභී මෙන්ම සාෆ් රන් පදක්කම්ලාභී සුදේෂ් පීරිස් වයිල්ඩ් කාඩ් ක්‍රමය යටතේ සුදුසුකම් ලබා ඇත.

ජාතික බර ඉසිලීමේ සංගමය, ලෝක බර ඉසිලීමේ සංගමයෙන් හා ජාතික ඔලිම්පික් කමිටුව, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් මෙරට බර ඉසිලීමේ ක්‍රීඩයෙකුට ඔලිම්පික් නියෝජනය සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මෙරට බර ඉසිලීමේ එක් ක්‍රීඩකයෙකුට අවස්ථාව හිමිවිය. ඒ සඳහා ජාතික හා ජාත්‍යන්තර දක්‍ෂතා පදනම් කරගනිමින් සුදේෂ් පිරිස් නිර්දේශ කිරීමට ජාතික බර ඉසිලීමේ තේරීම් කමිටුව කටයුතු කර ඇත.

කිලෝ ග්‍රෑම් 62 බර පන්තිය නියෝජනය කරන සුදේෂ් පීරිස්, 2014 වසරේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව්හි පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේ රිදී පදක්කම හා මෙම වසරේ පෙබරවාරි මස පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේ (සාෆ්) රන් පදක්කම දිනාගැනීමට සමත් විය. මෙවර ඔලිම්පික් ක්‍රීඩා උලෙළ එළඹෙන අගෝස්තු මාසයේදී බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝහිදී පැවැත්වේ.(අද පුවත)

DSC_6235

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...