සොට්සෝබේට ක්‍රිකට් තහනම්

2025 මාර්තු මස 17 ප.ව. 05:30 - {{hitsCtrl.values.hits}}  

දකුණු අප්‍රිකානු හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලොන්වබේ සොට්සෝබේට ක්‍රිකට් ක්‍රීඩාව හා කිසිඳු ආකාරයක ක්‍රියාවකට එක්වීම තාවකාලිකව තහනම් කිරීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ. ඒ සෝට්සෝබේට එරෙහිව දූෂණ චෝදනා එල්ලවීමත් සමගිනි. 2015 වසරේ පැවැති රාම් ස්ලෑම් විස්සයි20 ක්‍රිකට් තගරගාවලියේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ආචාරධර්ම පද්ධතිය කඩ කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.

ක්‍රිකට් ක්‍රීඩා කිරීම, පුහුණු කිරීම හෝ වෙනත් ආකාරයක කිසිඳු තරගයකට එක්විමට තහනම අනුව සොසෝබේට අවස්ථාව නොලැබෙයි. ටෙස්ට් තරග පහකදී, එක්දින තරග 61කදී හා විස්සයි20 තරග 23කදී දකුණු අප්‍රිකාව නියෝජනය කිරීමට සොට්සෝබේ සමත්විය. 2009 වසරේදී ඔහුගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය ආරම්භ විය. අවසන්වරට ඔහු ජාතික කණ්ඩායම නියෝජනය කර ඇත්තේ 2014 වසරේදී වන අතර පළමු තරගයකට ක්‍රීඩා කර ඇත්තේ 2015 වසරේදීය.

නිරෝෂා ප්‍රියදර්ශනී

1364175494890

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...