2025 මාර්තු මස 17 පෙ.ව. 07:26 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා, බංග්ලාදේශ සංචාරය සඳහා නම්කරන ලද එක්දින සංචිතයේ ක්‍රීඩකයන් සමග අද (28 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පළමු පුහුණු සැසියට සහභාගි විය.
ජනවාරි මස 15 වැනිදා බංග්ලාදේශ සහ සිම්බාබ්වේ කණ්ඩායම් සමග පැවැත්වෙන තුන්කොන් තරගාවලිය ඉලක්ක කරගනිමින් මෙම පුහුණු සැසිය ආරම්භ කෙරුණු අතර ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් ක්‍රීඩකයන් 23 දෙනාම ඊට සහභාගි වී සිටියහ.
ඔවුන්ට අමතරව ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව නොමැති ලසිත් මාලිංගද අද පැවැති පුහුණු සැසියට සහභාගි වී සිටීම කැපී පෙනෙන සිදුවීමක් විය.
(ලංකාදීප ඇසුරිනි)
![]() |
diary Read more... |