යුද හමුදා පැරෂුට් භටයන්ට රන් පදක්කම්

2025 මාර්තු මස 17 ප.ව. 02:51 - {{hitsCtrl.values.hits}}  

එංගලන්ත පැරෂුට් සංගමය (British Army Parachute Association) විසින් 18 වන වරටත් සංවිධානය කරන ලද සන්නද්ධ හමුදා පැරෂුට් කරනම් ශුරතාවලියේ දී (18 th Armed Forces Parachute Championships in United Kingdom) ශ්‍රී ලංකා යුද හමුදා පැරෂුට් කරනම් ශුරයින් රන් පදක්කම් 3ක් දිනාගැනීමට සමත්ව ඇත. එංගලන්ත හමුදාවේ Red Devils පැරෂුට් භට කණ්ඩායම ද, රාජකීය නාවික හමුදාව සහ රාජකීය ගුවන් හමුදාව ද, විදේශ කණ්ඩායම් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයේ Golden Knights සහ ශ්‍රී ලංකා යුධ හමුදාවේ පැරෂුට් කණ්ඩායම ද ඇතුළු ව තරගකරුවන් 300කට අධික පිරිසක් මෙයට සහභාගී වි ඇත.433abbfdbba7285f72c6e026ba38faab_L

ශ්‍රී ලංකා යුද හමුදා පැරෂුට් භටයන් මෙහිදී විවෘත තරඟ කාණ්ඩයේ රන් පදක්කම, Wingsuit Artistic (2 Way) Rookie (beginner) Category ඛාණ්ඩයේ සහ 2 Way Rotation and Team Award (Canopy Formation) කණ්ඩායම් ශුරතාවයත් හිමිකර ගැනීමට සමත්විය. කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සහ විශේෂ බලකායේ නිලධාරීන් 04 දෙනෙකු සහ සෙසු නිලයින් 04 දෙනෙකු සමග 08 දෙනෙකුගෙන් ශ්‍රී ලංකා පැරෂුට් කණ්ඩායම සමන්විත වේ.

ඡායාරූප- යුධ හමුදා මාධ්‍ය

20170909_afpc-uk_1

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...