තිසරට විස්සයි20 නායකත්වය

2025 මාර්තු මස 17 පෙ.ව. 11:58 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත විස්සයි20 තරග තුනේ නායකත්වයට තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව සෙනසුරාදා (ඔක්තෝබර් 21දා) කටයුතු කළේය.

තරගාවලියේ පළමු තරග දෙක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩා කිරීමට නියමිත අතර අවසන් තරගය පාකිස්තානයේ ලාහෝර් නුවර ක්‍රීඩා කරයි. ආරක්ෂක හේතුන් මත ශ්‍රී ලංකා නිත්‍ය නායක උපුල් තරංග ඇතුළු ප්‍රධාන ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම  විස්සයි20 තරගාවලියට ක්‍රීඩා නොකරයි.

පාකිස්තාන කණ්ඩායහම හා ලෝක කණ්ඩායම අතර පාකිස්තානයේ පැවැති විස්සයි20 තරගාවලියට එක්වීමට තිසර පෙරේරා පාකිස්තානයට ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේදී 2009 වසරේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව  පාකිස්තානයට ජාත්‍යන්තර කණ්ඩායම් පැමිණීම ප්‍රතික්ෂේප කරයි.

ශ්‍රී ලංකා සංචිතය - තිසර පෙරේරා (නායක), ඩිල්ෂාන් මුණවීර, ධනුෂ්ක ගුණතිලක, සදීර සමරවික්‍රම (කඩුලු රකින්නා), අශාන් ප්‍රියන්ජන්, මහේල උඩවත්ත, දසුන් ශානක, සචිත් පතිරණ, විකුම් සංජය, ළහිරු ගමගේ, සීක්කුගේ ප්‍රසන්න, විශ්ව ප්‍රනාන්දු, ඉසුරු උදාන, ජෙෆ්රි වැන්ඩසේ, චතුරංගද සිල්වා.

නිරෝෂා ප්‍රියදර්ශනී

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...