2018 පාපන්දු ලෝක කුසලානය ජනපතිට පිළිගන්වයි 

2025 මාර්තු මස 17 පෙ.ව. 10:24 - {{hitsCtrl.values.hits}}  

ලබන ජූනි මාසයේදී රුසියාවේ මොස්කව් නුවර පැවැත්වෙන 2018 ලෝක පාපන්දු ශූරතා තරගාවලියේ කුසලානය ඊයේ ශී‍්‍ර ලංකාවට රැගෙන එනු ලැබූ අතර, එය අද (24) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්විණි.

ලොව පුරා මහද්වීප 6ක් ඔස්සේ රටවල් 54ක මහජන ප‍්‍රදර්ශනය සඳහා රැගෙන යන චාරිකාව් ප‍්‍රථම ගමනාන්තය ලෙස කුසලානය ශී‍්‍ර ලංකාවට රැගෙන එම විශේෂත්වයක් වන අතර මෙලෙස පාපන්දු ලෝක ශූරතාවයක කුසලානයක් ශ‍්‍රී ලංකාවට රැගෙන ආවේ ඉතිහාසයේ පළමු වරට වීම ද විශේෂත්වයකි.

ශී‍්‍ර ලංකාවට අමතරව මෙම කුසලානය ආසියාව තුළ රැගෙන යාමට නියමිතව ඇත්තේ පකිස්ථානයට සහ මාලදිවයිනට පමණක් බවත් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය පවසයි.

ඒ අනුව ඊයේ දිනයේදී විශේෂ ගුවන් යානයකින් කුසලානය ශී‍්‍ර ලංකාවට රැගෙන ආ අතර ශී‍්‍ර ලාංකික පාපන්දු කී‍්‍රඩාලෝලීන්ට පාපන්දු ලෝක කුසලානය සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව උදාකරමින් අද දිනයේ දී පාපන්දු කුසලානය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී මහජන ප‍්‍රදර්ශනය සඳහා තැබෙනු ඇත.

අද පෙරවරුවේ කුසලානය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අවස්ථාවට කි‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා යන මහත්වරුන් සහ ශී‍්‍ර ලංකාවේ පාපන්දු කණ්ඩායමේ සාමාජිකයින් මෙන්ම 1998 වසරේ ලෝක කුසලානය දිනු ප‍්‍රංශ පාපන්දු කණ්ඩාමේ සාමාජිකයින් ද එක්ව සිටියහ.

2018 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය එළැඹෙන ජුනි 14දා රුසියාවේදී ආරම්භ වේ. ලෝක කුසලානය ලොව වටා රැගෙන යාමේ චාරිකාව පසුගිය 22දා ආරම්භ වූ අතර මෙම චාරිකාවේදී ලෝක කුසලානය ලොව පුරා මහද්වීප 6ක් ඔස්සේ රටවල් 52ක මහජන ප්‍රදර්ශනය සඳහා රැගෙන යනු ඇත.

සබැඳි පුවත්......

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...