සමස්ත ලංකා පාසල් කැරම් තරගාවලිය

2025 මාර්තු මස 18 පෙ.ව. 03:41 - {{hitsCtrl.values.hits}}  

සමස්ත ලංකා පාසල්  කැරම් තරගාවලියේ 19න් පහළ  බාලක ශුරතාව මහනුවර ශාන්ත සිල්වෙස්ටර්  විද්‍යාලය දිනාගත් අතර බාලිකා ශුරතාව පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය දිනාගනු ලැබුහ.
එම තරගාවලියේ 15න් පහල බාලක ශුරතාවය කොළඹ රාජකීය විද්‍යාලයත් බාලිකා ශුරතාවය නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලය දිනාගනු ලැබිය.
19න් පහල බාලක අනු ශුරතාව  මොරටුව වෙල්ස් කුමර විද්‍යාලයත් තුන්වන ස්ථානය  නුගේගොඩ ශාන්ත ජෝසප් විද්‍යාලයටත් හිමිවිය.19න් පහල බාලිකා අනුශුරියන් වුයේ නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලයයි.තුන්වන ස්ථානය නුගේගොඩ සමුද්‍ර දේවි බාලිකා විද්‍යාලය දිනාගත්හ.
15 පහල බාලක අනුශුරතාවය මොරටුව වේල්ස් කුමර විද්‍යාලයටත් , තුන්වැනි ස්ථානය වාරියපොල ශ්‍රි ඥානෝදය මධ්‍ය මහා විද්‍යාලයටත් හිමිවුහ.15න් පහල බාලිකා අනුශුරියන් වුයේ නුගේගොඩ  සමුද්‍ර දේවි බාලිකා විද්‍යාලයයි.තුන්වැනි ස්ථානය  කොළඹ විශාඛා විද්‍යාලයට හිමිවිය.
තරගාවලියේ දක්ෂතම ක්‍රිඩකයා ලෙස මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ අයි.එන්.කලංසුරිය සිසුවා තේරිපත්වු අතර දක්ෂතම ක්‍රිඩිකාව වුයේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ  කුසල්යා ලක්සරණි විදානගම ක්‍රිඩිකාවය. මෙම තරගාවලිය  ත්‍රිකුණාමලය විවේකානන්ද මහා විද්‍යාලයේ දි පැවැත්වුණි. මෙම තරග නැගෙනහිර පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ  සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ක්‍රිඩා) ඉන්ද්‍රජිත් ධර්මතිලක මහතා ඇතුලු කණ්ඩායමක් සංවිධානය කර තිබුණි.

කැරම් 19න් පහල බාලක ශුරතාවය දිනාගත් මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාල කණ්ඩායම

111

 

 

 

 

 

 

 

 

 

 

කැරම් 15න් පහල  බාලක ශුරතාවය දිනාගත් කොළඹ  රාජකිය විද්‍යාලය කණ්ඩායම

222

 

 

 

 

 

 

 

 

 

 

කැරම් 19න් පහල බාලිකා ශුරතාවය දිනාගත් පන්නිපිටිය  ධර්මපාල විද්‍යාල කණ්ඩායම

333

 

 

 

 

 

 

 

 

 

කැරම් 15න් පහල  බාලිකා ශුරතාවය දිනාගත් නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාල කණ්ඩායම

444
 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...