ලෝක කුසලාන පාපන්දු තරගවල වේගවත්ම ගෝලය බෙන්ටේක්ගෙන්

2025 මාර්තු මස 18 පෙ.ව. 05:03 - {{hitsCtrl.values.hits}}  

ලෝක කුසලාන පාපන්දු තරගයකදී වාර්ත කළ වේගවත්ම ගෝලයට හිමිකම් කීමට බෙල්ජියමේ පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියන් බෙන්ටේක් සමත් විය. 2018 වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් සුදුසුකම් ලැබීමට පැවැති තරගයකදී ඔහු මෙම දක්ෂතාව දැක්වීය.

ජිබෝල්ටා කණ්ඩායම හා ඊයේ (10දා) පැවැති තරගයේදී ඔහු මෙම දක්ෂතාව දැක්වූයේ තරගය ආරම්භ කර තත්පර 7කින් ගෝලයක් වාර්තා කරමිනි.

1993 වර්ෂයේදී  සැන් මරීනෝ ක්‍රීඩක ඩේවිඩ් ගෝල්ටෙරී විසින්  තත්පර 8.3 කින් ගෝලයක් වාර්තා කරමින් ලෝක කුසලාන තරගාවලියකදී වාර්තා කළ වේගවත්ම ගෝලයට හිමි වාර්තාව පිහිටුවා තිබුණි. ඒ අනුව අවුරුදු 23ක් පැරණි වාර්තාවක් බෙන්ටේක් විසින් බිඳ දැමීය.

ජිබෝල්ටා කණ්ඩායම හා පැවැති තරගයෙන් ගෝල 6-0ක පහසු ජයක් වාර්තා කිරීමටත් බෙල්ජියම් කණ්ඩායම සමත්විය.

නිරෝෂා ප්‍රියදර්ශනී

3949BDAE00000578-0-image-a-2_1476127374198

 

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...