IPL දින නියමයක් නොමැති කල් යයි

2025 මාර්තු මස 16 පෙ.ව. 02:44 - {{hitsCtrl.values.hits}}  

මෙවර අයි.පී.එල් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (බී.සී.සී.අයි) පියවර ගෙන ඇත. තරගාවලියට සහභාගි වන කණ්ඩායම් හා බී.සී.සී. අයි අතර අද (16දා) පැවැත්වූ සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන ඇත.

තරගාවලිය මූලික වශයෙන් පසුගිය මාර්තු 29 වැනිදා සිට එළඹෙන මැයි 24 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම කොට තිබුණත් කෝවිඩ්-19 වෛරසය ලෝවපුරා වසංගතයක් බවට පත්වීමත් සමගින් තරගාවලිය පැවැත්වීම  මූලික වශයෙන් කල්දැමීමට සංවිධායකයින් පියවර ගත්හ. එහි තීරණයක් ගැනීම ඊයේ (14දා) දක්වා කල් දැමිණි. කෙසේ වෙතත් ඉන්දියාව තුළ වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සදහා සමස්ථ ඉන්දියාවම එළඹෙන මැයි 3 වැනිදා දක්වා වසා දැමීමට (lockdown) කිරීමට පියවර ගැනීමත් සමග තරගාවලිය මෙවර පැවැත්වීමේ දැඩි අර්බුදයක් මේ වනවිට නිර්මාණය වී ඇති බව විදෙස් වාර්තා මගින් දැක්වේ.

ලොව වඩාත්ම ජනප්‍රියත්වයක් උසුලන ක්‍රිකට් තරගාවලිය ලෙසින් හැදින්වෙන අයි.පී.එල්. තරගාවලිය ලොව වඩාත්ම මුදල් හුවමාරු වන ක්‍රීඩා තරගාවලි අතරටද අයත් වේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...