2025 මාර්තු මස 18 පෙ.ව. 02:19 - 80
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩාම අතර දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 206ක දැවැන්ත ජයක් ලැබීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය.
ලකුණු 488ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 281ට සීමා කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත්වූහ. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පළමු ඉනිමට හා දෙවැනි ඉනිමට පිළිවෙළින් ලකුනු 286ක් හා 406ක් රැස්කළේය.
පිළිතුරු ඉනිම් ක්‍රීඩා කළ ශ්‍රි ලංකා කණ්ඩායමට රැස්කළ හැකි වූයේ පිළිවෙළින් ලකුණු 205ක් හා 281ක් පමණි.
තරගයේ ජයත් සමගින් තරග තුනකින් සමන්විත දකුණු අප්‍රිකා - ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය 2-1ක් ලෙස පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්වූයේය.
දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ජනවාරි 2 දා කේප් ටවුන්හිදී ආරම්භවීමට නියමිතය.
නිරෝෂා ප්‍රියදර්ශනී
![]() |
diary Read more... |