අඩු පහසුකම් ක්‍රීඩාංගණ 6ක් සංවර්ධනයට

2025 මාර්තු මස 16 පෙ.ව. 02:51 - {{hitsCtrl.values.hits}}  

පිට පළාත් තුළ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සහ ගුණාත්මක භාවය ඉහළ දැමීමේ අරමුණ ඇතිව ජාතික මට්ටමේ සියළුම පහසුකම්වලින් සමන්විත ක්‍රිකට් ක්‍රීඩාංගණ 6 ක් වසරක් තුළ සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

රත්නපුර (මොනරවිල), බදුල්ල නගර සභා ක්‍රීඩාංගණය, යාපනය මල්ලාකම් පිටිය, පොලොන්නරුව ජාතික ක්‍රීඩාංගණය, අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණය සහ හෙට්ටිපොළ ක්‍රීඩා පිටිය මෙලෙස සංවර්ධනය වන ක්‍රීඩාංගණයන් වේ.

කොළඹින් බැහැර, ලණු පැදුරු (Matting) විකට්ටු පමණක් භාවිතයෙන් දැනට ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළෙන ප්‍රදේශයන්හි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තණතීරුවල (Turf) ක්‍රීඩා කිරීමේ අත්දැකීම් ලබා දෙමින් ජාතික සහ ජාත්‍යන්තර තලයට යෑමට අවශ්‍ය ඉඩ කඩ සැලසීම මෙම වැඩසටහනේ මූලික පරමාර්ථය බවට පත්ව තිබේ.

එම ක්‍රීඩාංගණ අතුරින් අම්බලන්ගොඩ, පොලොන්නරුව සහ හෙට්ටිපොළ ක්‍රීඩාංගණ ඉදිරි තෙමස ඇතුළත විවෘත කෙරෙන අතර සෙසු ක්‍රීඩාංගණ ඉදිරි තෙවසරක කාලය ඇතුළත නිමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික සංවර්ධන අංශයේ සහ ජාතික ව්‍යාපෘති කමිටුවේ ප්‍රධානී වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ මඟ පෙන්වීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

රත්නපුර, පොලොන්නරුව සහ යාපනය ප්‍රදේශයන්හි හිස්භූමි භාගයන්හි ඉදිවන මෙම ක්‍රීඩාංගණයන්ට තණතීරු දහය බැගින් වූ ප්‍රධාන තණතීරුවලට අමතරව පැති විකට්ටුද සපයනු ලැබේ. මීට අමතරව මෙහි අලුතින් තණකොළ සිටුවීම ඇතුළු සංවර්ධන කටයුතු සියල්ලම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකරනු ඇත.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...