උසස් දක්ෂතා සංචිතයේ ක්‍රීඩකයන්ට තවත් රුපියල් 25000ක්

2024 දෙසැම්බර් මස 22 ප.ව. 12:28 - {{hitsCtrl.values.hits}}  

ක්‍රීඩා 07කට අදාළව රුපියල් ලක්ෂයක මාසික දීමනාවකට කොන්ත්‍රාත් ගත වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60 දෙනෙකුට තවත් රුපියල් 25000ක මාසික පෝෂණ දීමනාවක් ලබාදීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය සමඟ ෆොන්ටෙරා බ්‍රෑන්ඩ් ලංකා සමාගම අද (24) දින අත්වැල් බැඳගත්තේය.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී  ඊට අදාළ චෙක්පත් ප්‍රදානය සිදුවිය.

එහිදී ෆොන්ටේරා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා විද්‍යා සිවරාජා මහත්මිය තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාපක්ෂ මහතාට සංකේතාත්මකව ඊට අදාළ අනුග්‍රහය සහිත චෙක්පත ප්‍රදානය කළාය.

එක් එක් ක්‍රීඩා සංගම් හරහා තෝරාගැනීමේ තරග පවත්වා මළල ක්‍රීඩා, බර ඉසිලීම, බොක්සිං, ජූඩෝ, බැඩ්මින්ටන්, පිහිනුම්, පැරා ක්‍රීඩාවලට අදාළව  උසස් දක්ෂතා සංචිතය නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 60 දෙනෙකි.

ඔවුන් මාසිකව රුපියල් ලක්ෂයක දීමනාවකට ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ කොන්ත්‍රාත්ගත වීම සිදුවූයේ පසුගිය 15 වැනිදාය.

අනතුරුව ඔවුන් සඳහා පෝෂණ අතිරේකයන් වෙනුවෙන් තවත් දීමනාවක් ලබාදීම පිළිබඳව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී තිබිණි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...