2025 පෙබරවාරි මස 06 පෙ.ව. 06:12 - {{hitsCtrl.values.hits}}
ඔලිම්පික් පුරාවෘතයක් වූ ඔක්සානා
ඔලිම්පික් ඉතිහාසයේ සුවිශේෂී සංදිස්ථානයක් පසුකරමින් සිය 08 වැනි ඔලිම්පික් උළෙලෙන් තරග බිමෙන් සමුගැනීමට ජිම්නාස්ටික් ක්‍රීඩිකා ඔක්සානා චුසොවිටිනා සමත් වූවාය. මේ වනවිට 46 වැනි වියේ පසුවන චුසොවිටිනා, රටවල් තුනක් නියෝජනය කරමින් මෙම දක්‍ෂතාව දැක්වීමද සුවිශේෂී වෙයි.
ඔක්සානා, 1992 වසරේදී එවක සෝවියට් සමූහය නියෝජනය කරමින් කණ්ඩායම් රන් පදක්කමක් දිනූ ක්‍රීඩිකාවක වෙයි. කෙසේ නමුත් ඉන් අනතුරුව ජර්මනිය නියෝජනය කරමින් ඔලිම්පික් උළෙලට සහභාගි වූ ඔස්සානා, මෙවර උස්බෙකිස්තානය නියෝජනය කරමින් සහභාගි වූවාය. ඇය බාසිලෝනා (1992/ස්පඤ්ඤය), ඇට්ලැන්ටා (1996/ඇමරිකාව), සිඩ්නි (2000/ඔස්ට්‍රේලියාව), ඇතෑන්ස් (2004/ග්‍රීසිය), බීජිං (2008/චීනය), ලන්ඩන් (2012/ මහා බ්‍රිතාන්‍ය) හා රියෝ (2016/බ්‍රසීලය) යන ඔලිම්පික් උළෙල නියෝජනය කර ඇත.
ඔලිම්පික් උළෙලට එක් වූ ළාබාලම ක්‍රීඩිකාව
මෙවර ඔලිම්පික් උළෙලට ක්‍රීඩකරන ළාබාලම තරගකරුවා බවට සිරියානු මේසපන්දු ක්‍රීඩිකා හෙන්ඩ් සාසා පත්ව සිටියි. ඇය සිය පළමු තරගය තරගයට ක්‍රීඩාකරන විට වයස අවුරුදු 12යි දින 204ක් විය. කෙසේ නමුත් ඇය මුහුණදුන් තරගයෙන් ඔස්ට්‍රියානු ක්‍රීඩිකාවක හමුවේ තරග වට 4-0ක පරාජයක් අත්වින්දේය.
අවුරුදු දහතුනේ නිෂියාට රන් පදක්කමක්
ජපාන ඔලිම්පික් ඉතිහාසයේ රන් පදක්කමක් දිනූ ළාබාලම ක්‍රීඩිකාව බවට පත්වීමට නිෂියා මොමිජි ඊසමත් වූවාය. මෙවර ඔලිම්පික් උළෙලට අලුතින් හඳුන්වාදුන් ක්‍රීඩා ඉසව්වක් වන ස්කේට්බෝර්ඩිං ඉසව්වෙන් ඇය මෙම පදක්කම දිනාගත්තාය. ඒ අනුව එම ඉසව්වේ පළමු රන් පදක්කම දිනූ ක්‍රීඩිකාවගේ ගෞරවයද ඇය හිමිකර ගත්තාය.
මෙහි රිදී පදක්කම දිනාත්තේද වයස 13ක බ්‍රසීල ක්‍රීඩිකාවක වන රේසා ලීල් වන අතර, ලෝකඩ පදක්කම හිමි වූයේ 16 හැවිදිරි ජපානයේම ෆුනා නයමාටය.
සංජීව ධර්මසේන/ ජපානයේ ටෝකියෝ නුවර සිට
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |