නාලන්දාවේ සුසාල්ගෙන් චෙස් වාර්තාවක්

2025 ජනවාරි මස 02 ප.ව. 08:23 - {{hitsCtrl.values.hits}}  

ජාත්‍යන්තර ශ්‍රේණිගත ලකුණු 2500 ලබාගත් පළමු ශ්‍රී ලාංකික චෙස් ක්‍රීඩකයා ලෙස කොළඹ නාලන්දා විද්‍යාලයේ සුසාල් ද සිල්වා මෙරට චෙස් ක්‍රීඩා ඉතිහාසයට එක්විය.

එමෙන්ම ජාත්‍යන්තර ශ්‍රේනිගත ලකුණු 2500 ලබාගත් මෙරට පළමු පාසල් චෙස් ක්‍රීඩකයා වන්නේද ඔහුය.

අඩ සියවසක් වන්  චෙස් ක්‍රීඩා ඉතිහාසයක් ඇති මෙරට එවැනි සමාර්තකමක් දැක්වීමට සුසාල් ද සිල්වා හැර කිසිදු චෙස් ක්‍රීඩකයෙකුට මෙතෙක්  හැකියාවක් නොලැබි තිබිණ.

විදෙස් තරග  සංචාරවලදී සුසාල් ද සිල්වා ජාත්‍යන්තර ශ්‍රේණිගත ලකුණු වැඩි චෙස් ක්‍රීඩකයින් පරදවා නැතහොත් ඔවුන් සමග  තරග ජය පරාජයෙන් තොරව නිමාවට පත්කර ගෙන මේ ඉලක්කයට ලගාවී තිබේ.

වත්මන් ජාතික චෙස් ශුරයා වන සුසාල් ද සිල්වා මේ වනවිට ජාතික ශුරතාව දෙවරක්ම හිමිකර ගෙන ඇත්තේය.

මේ වසරේ මාලදිවයිනේ පැවති බටහිර ආසියානු චෙස් තරගාවලියේදී වයස 18න් පහල විවෘත ශුරතාවද සුසාල් ද සිල්වා දිනා ගත්තේය. ඔහු ශ්‍රී ලංකා ජාතික චෙස් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකි.

 

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...