2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 07:46 - {{hitsCtrl.values.hits}}
2022 ශීත ඍතු ඔලිම්පික් සහ පැරාලිම්පික් ක්‍රීඩා උළෙල කොවිඩ්-19 වසංගතය හසුරුවමින් මනාව පැවැත්වීමට කටයුතු කරන බව චීනයේ බීජිං හි සංවිධායක කමිටුව (BOC) ප්‍රකාශ කරයි.
“අපට කොවිඩ්-19 අවදානමක් දැන් නැහැ. නමුත් අපි සම්පූර්ණයෙන්ම ඒ සඳහා සූදානම්,” බීජිං 2022 සංවිධායක කමිටුවේ වසංගත වැළැක්වීමේ සහ පාලන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
"අපට ඉලක්ක හතරක් තිබෙනවා. පළමුව, බීජිං 2022 හිදී විදේශීය සහභාගිවන්නන්ගේ දැවැන්ත රැස්වීමක් සංවිධානය වන්නේ නැහැ. දෙවනුව, අකාර්යක්ෂම කොවිඩ්-19 වැළැක්වීම හේතුවෙන් වසංගතය පැතිරීම හෝ ශීත ඍතු ක්‍රීඩාවලට බාධා කිරීම් නොමැති වීමයි. තෙවනුව, සංවෘත බබල් බිඳ දැමීමක් හෝ බබල් තුළ වසංගතයක් හේතුවෙන් දේශීය රෝග පැතිරීම් වැළැක්වීමයි, සිව්වනුව, ආහාර විෂ වීම වැනි වෙනත් මහජන සෞඛ්‍ය සිදුවීමක් නොවීමට වගබලා ගැනීමයි." හෙතෙම වැඩිදුරටත් පැවසීය.
සියලුම චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ කාර්ය මණ්ඩලය කොවිඩ්-19 බූස්ටර එන්නත් මාත්‍රාවක් ලබා ගැනීමට අවශ්‍ය බවද හෙතෙම සඳහන් කළේය. විදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද එසේ කිරීමට දිරිමත් කරන නමුත් එය අනිවාර්ය නොවන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |