2025 මාර්තු මස 14 පෙ.ව. 02:42 - {{hitsCtrl.values.hits}}
මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ ජිම්නාස්ටික් තරගාවලියේ බාලිකා අංශයේ ශූරතාවය දිනා ගැනීමට මහනුවර, උසස් බාලිකා විද්‍යාලීය කණ්ඩායම පසුගිය දා සමත් වූවාය.
මහනුවර, ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයීය ජිම්නාස්ටික් පිටියේදී පැවැති මෙම තරග මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලදි.
මෙම තරගාවලියේ බාලිකා අනුශූරතාවය දිනා ගැනීමට මහනුවර මහමායා බාලිකා විදුහල් ජිම්නාස්ටික් කණ්ඩායම සමත් වූවාය.
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම වෙනුවෙන් මධ්‍යම පලාතෙන් සුදුස්සන් තෝරා ගැනීම සදහා මෙම තරගාවලිය පැවැත්විණි.
![]() |
diary Read more... |